යේ (25) දිනයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් අතර ඕමානයේ සිට ලංකාවට ගෙන්වාගෙන අනතුරුව නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙකුද සිටින බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැවසීය. ඔවුන් සිරවී සිටින බව දන්වා  සිටීමෙන් පසු
කැබිනට් අනුමැතිය මත ලංකාවට ගෙන්වා ගත් අතර

අනතුරුව දියතලාවේ නිරෝධායන මධ්‍යස්තානයට යොමු කර නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙකු බව පැවසේ.

මීට අමතරව ඊයේ දිනයේ හමුවූ අය අතර වැලිසර කඳවුරෙන් නාවික භටයින් 10 ක් ද වූ අතර නිවාඩු ගොස් සිටි කඳවුරේ නාවික භට තවත් අය 10 ක් ද විය. ඊට අමතරව එසේ නිවෙස්වල සිටි දහ දෙනාගේ එක් පවුලක සිටි දෙන්නෙකුටද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මීට අමතරව
යුද හමුදා නිලධාරියෙක්, නාවික හමුදා කාන්තාවක හා විවාහව සිටින අය ඇතුළු තිදෙනෙක්ද ඊයේ ආසාදනයවී හඳුනාගත් අතර බන්ඩාරනායක මාවතෙන් රැගෙන ගොස් දැනට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්තානයේ සිටින 10 කටද ඊයේ කොරෝනා වැළඳිණි. පුත්තලමින් රැගෙන ගොස් කටුකැලියාව නිරෝදායන මධ්‍යස්තානයේ සිටින 03 ක් හා මාලදිවයිනේ සිට ලංකාවට පැමිණි පුද්ගලයෙක්ද ඊයේ හඳුනාගත් අය අතර සිටි බව හමුදාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.