වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩුව සදහා නිවසට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට ඊයේ තහවුරු විය..



ඉන් පසු එම සෙබළුන් දෙදෙනා වැලිසර නාවික හමුදා කදවුරේ නිරෝධාන මධ්‍යස්ථාන කරා මේ වන විට යොමු කර නු ලැබිණි.

එම නාවික හමුදා සෙබළුන් පදිංචිව සිටි නාවලපිටිය දෙකිඳ අලුත්ගම ප්‍රදේශයේ පවුල් 5 කට අයත් සමාජිකයන් 22 දෙනෙකු සහ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පවුල් 3 කට අයත් සමාජිකයන් 12 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට තීරණය විය.

ඔවුන්ව මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට සහ වව්නියාව පම්පේමඩුව නිරෝධාන මධ්‍යස්ථාන කරා අද (28) දින යොමු කෙරිණ.

කොවිඩ් 19 වෛසරය ආසාධනය වු නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි දැනට වැලිසර නාවික හමුදා කදවුරේ නිරෝධාන මධ්‍යස්ථානයේ ප්‍රතිකර ලබන නාවික හමුදා සෙබලා, නාවලපිටිය ප්‍රදේශයේ වෙලදසැල් තුනකට අවස්ථා කිහිපයකදි පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරු මත එම වෙළඳසැල් තුනද තාවකාලිකව වසා දමා විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.

එම ගම්මාන දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු (28) දින සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම ගම්මාන දෙකම විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.

පවුල් 8 කට අයත් සමාජිකයන් 34 දෙනෙකු පැය 6 පමණ කාලයක් බස් රථ වලම රැදි සිටිම සිදු විය.