[Trending][btop]
[News][stack]

335 වැනියා පොළොන්නරු සෙබළාගේ යාළු කුරුණෑගල නාවික සෙබළෙක්


කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකු වූ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්තේ ඊයේ (22) දිනයේ පොළොන්නරුව පුලතිසිගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික සෙබළා සමග එකට සේවය කොට නිවාඩු ලබා එකට පැමිණි අවස්ථාවේ බවට සැක කෙරේ.