නව කොරෝනා වයිරසය ආසාදනය වී සිටි ජාඇල පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු වූ 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සියලුදෙනා
මන්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූවත් බවද නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගත් පිරිස ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගත් බවත්, ඒ සඳහා මෙම පුද්ගලයින් 23 දෙනා සුදුවැල්ල පල්ලියේදී මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ට බාරඳුන් බවත්, නාවික හමුදා නිලධාරියෙක් පැවසීය.
නිවෙස්වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබූ උපදෙස් නොතකමින් මොවුන් මන්ද්‍රව්‍ය සෙවීමට තැනින් තැන සංචාරය කරන බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබිණි. ඔවුන් පදිංචිව සිටි නිවෙස් වලින් පැනගොස් සැගවීම නිසා, දින කිහිපයක් තිස්සේ නාවික හමුදා බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ නාවික හමුදාව එක්ව (09) ජාඇල, සුදුවැල්ල, නිසිරිගම සහ ඒ අවට ප්‍රදේශ කීපයක කරන ලද හදිසි වැටලීම් කිපයකදී මෙම 23 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මනෝප්‍රිය ගුණස්කර සහ ජාඇල තිස්ස කොටින්කඩුව