238 වන කොරෝනා රෝගියා ලෙස ඊයේ රාත්‍රී හඳුනාගත්තේ කාන්තාවක බවත් ජාතික රෝහලේදී අහම්බෙන් හමුවූ බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටී.
නිරෝධායන මධ්‍යස්ථානවලින් හැර දිගු කලකින් පසු සමාජයෙන් කොරෝනා රෝගියෙකු හමු වූ මුල්
අවස්ථාව මෙය බව ඇය කියයි.
කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය ඉකුත් මාර්තු මස 12 වෙනිදා ඉන්දියාවේ සංචාරයක්‌ නිමවා මෙරටට පැමිණ ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
වෙනත් රෝග සඳහා මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබු අතර එහිදී වෛද්‍යවරුන් විසින් සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය වී ඇත.
මෙම කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීමට බුද්ධි අංශ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ඇය තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.