ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්  අද(2) හෙට (3) හා  සදුදා (6) යන දින තුන තුළ දිවයිනේ සියලූ  ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී  ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පවසයි.



මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට   විශ‍්‍රාම වැටුප් ලබා දෙන  දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ  මිළදී ගැනීම සදහා  රජය මෙම පියවර ගෙන ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම දින තුළ  එම පිරිසට ඔවුන්ගේ  විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන්   සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට  සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම  වෙනුවෙන් අවශ්‍ය  ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.