කොරෝනා වෛරසය වැළඳී ඇති අය හමුවන රටවල් වල පසුගිය සති 3 ක කාලයේ එම වැළඳීම් සිදුවන රටාව පිළිබඳ කරන ලද ප්‍රස්තාර ගත  අධ්‍යයනකට අනුව ලංකාව රටවල් 207 කින් 110 වැනියා බවට පත්ව තිබේ.
ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ මෙම අධ්‍යයනයේදී

පසුගිය මාර්තු 22 සිට ඊයේ දක්වා කොරෝනා ආසාදිත වාර්තාවීම අනුව මෙම විශ්ලේෂණය සිදු කර තිබේ.

එහිදී වෛරස පැතිරීමේ ප්‍රමුඛ ස්ථානය ඇමරිකාව,ස්පාඤ්ඥය ඉතාලිය ප්‍රංශය හා ජර්මනිය සතු කරගෙන ඇති අතර චීනය පැතිරීම අවම කරගෙන ඇති මුත් ආසාදිත සංඛ්‍යාව අනුව තවම 6 වැනියා ලෙස නම් කර තිබේ. මින් ඉහත ඉහළ තලයක පැවති ඉරානය මේ වනවිට 8 වැනි තැනට පහත වැටී ඇත.

19 වන ස්ථානයේ පසුවන දකුණු කොරියාවද පැතිරීම පාලනය කරගෙන ඇති අයුරු කැපී පෙනේ.
රෝගීන් හමුවූ ගණන අනුව පළමු සටහනේ පැතිරීම දැක්වේ.

මෙහි 2 වන සටහනේ දැක්වෙන්නේ මිලියනයක ජනගහනයට සාපේක්ෂව රෝගීන්ගේ වයාප්තිය සිදුවූ ආකාරයයි. ජනගහණයට සාපේක්ෂව කොරෝනා ආසාදනය අනුව ඇමරිකාව 20 වන තැනත් ඉතාලිය 12 වන තැනටත් පත්වේ.