ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිරවි වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත.

අද දහවල් 1.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1196 දරන විශේෂ ගුවන් යානය සවස 4.35 ට කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබේ.

මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.