පසුගිය දිනවල කොරෝනා ආසාදනයට ලක්වීම නිසා විශාල වශයෙන් කතාබහකට මාතෘකා සැපයූ බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති බොරිස් ජොන්සන් 6 වැනි වතාවට පියෙකු බවට පත්වූ පුවත අද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා. ජොන්සන්ගේ පෙම්වතියක ලෙස සැලකෙන කැරී සිමන්ඩ්ස් 
අද අලුයම ලන්ඩනයේ රෝහලකදී පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.

මෙම සුබ පණිවුඩය නිවේදනය කරමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු පවසන්නේ, මව සහ බිළිඳා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
55 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා

සහ 31 හැවිරිදි සහකාරිය පසුගිය වසරේ අවසන් භාගයේදී විවාහ ගිවිස ගත් අතර ඔවුන් දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කරනු ලැබුවේ, පසුගිය මාර්තු මාසයේදී ය.

මේ අතරවාරයේ දෙන්නාටම කොරෝනා රෝගයද වැළඳුන අතර අගමැතිවරයා මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේද සිටියේය.
55 හැවිරිදි ජොන්සන් විවාහ දෙකකින් දික්කසාද වූ අයෙකු වන අතර අලුත් බිළිඳාට උපත දුන් තැනැත්තිය සමග 3 වැනි කසාදය ලියාපදිංචි කර තිබුනේ 2018දී ය. නමුත් විවාහ උත්සවයක් පවත්වා නැත.

පෙර විවාහ වලින් දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. මුල් කාලයේ ජනමාධවේදියෙකු ලෙස කටයුතු කළ නිසාදෝ ඔහු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ පෙම්වතියන් හයක් පමණ කලින් කල විවාහ අපේක්ෂාවෙන් ඇසුරු කර තිබුණි.
ජොන්සන්ගේ පෙම්වතිය කැරී සිමොන්ඩ්ස් ද ජනමාධ්‍ය පවුලකින් පැවත එන අතර ඇය එංගලන්තයේ ප්‍රකට 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත හිමිකරුගේ මිණිපිරියකි.

බ්‍රිතාන්‍ය අගමැති ධූරය දක්වා ආ ගමනට ජොන්සන් මුල් පියවර තැබුවේ 2012 නගරාධිපති ධූරයට පත්වෙමිනි. එම ඡන්ද සටනේදී ඔහුට වඩාත් උදව් කළේ කැරී සිමොන්ඩ්ස් වන අතර ඇය 2009 සිට බ්‍රිතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂයේ ක්‍රියාකාරිනියකද වූවාය. එම මිතුදම මත ඔවුන් සමීපව ඇසුරු කර

එක්ව දිවි ගෙවීම අරඹා තිබුණි.

අගමැති ධූරය සඳහා ජොන්සන් පත්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයටද ඇයගෙන් නොමද උපකාර ලැබිණී. පසුගිය දිනවල වාර්තාවී තිබුනේ කැරී සිමොන්ඩ්ස් ගැබිණීයක වී ඇති බවය. මේ අතරවාරයේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම බ්‍රිතාන්‍ය වාසීන්ට කම්පනය ඇති කරන සිදුවීමක් බවට පත්විය. නමුත් එයින් ඇය බේරුනාය.
පිය පදවියට පත් අග්‍රාමාත්‍යවරයාට ලෝක නායකයින් ඇතුළු කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් ද සුබ පැතුම් එක් කර තිබේ.