කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත
දන්වනතුරු දිගටම බල
පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
සෙසු දිස්ත්‍රික්ක සඳහා ලබන 14 වැනි දා ඉවත් කිරීමට නියමිත වූ ඇඳිරි නීතිය ලබන 16 දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව මීට ඉහත ප්‍රකාශ කළ පරිදි 14 වැනි දින ඇඳිරි නීතිය ඉවත් නොකරන අතර, 16 වැනි දින පෙ.ව. 6.00ට ඉවත් කර නැවත එදිනම පස්වරු 4.00ට  යළි පැනවෙනු ඇත.
මේ අතර, කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබන බව ද නිවේදනයේ සඳහන්ය.