දෙවන පාසල් වාරය මැයි 11දින ආරම්භ කිරීම⁣ට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් දන්වා තිබේ.

මීට පෙර රජය තීරණය කර තිබුණේ අප්‍රෙල් 20 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමටය.
කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා  දින නියමයක් නැතිව  වසා දැමුණු  පාසල් පද්ධතිය ආරම්භ කිරීම මැයි 11 ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.
විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.