ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කිරීම සඳහා සූදානම් බව
ඉරිදා ජාතික
පුත්පත් කිහිපයකින්ම අනාවරණය කර තිබේ.
කළුතර හෝ කොළඹ යන දිස්ත්‍රික්ක දෙක පිලිබඳ මූලික අවධාණය යොමුව ඇති  අතර ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන වැඩි ඉඩක් පවතින බවද එම වාර්තාවල දැක්වේ.
පසුගිය දිනෙක විජේවීර පුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූ  අතර ඔහු ජවිපෙ වත්මන් ක්‍රියාකාරීත්වය තම පියාගේ අඩිපාරේ නොයන්නක් බවට විවේචනය කර තිබුණි.
උවිදු විජේවීර මහතා රුසියාවේ උසස් උධ්‍යාපනය අවසන් කර මේ ආකාරයට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ෂූදානම්ව ඇත.