වැලිකන්ද ප්‍රදේශයේ දැරියක ඊයේ (4) පෙරවරුවේ පාසලට යමින් සිටියදී යතුරුපැදියකින් ආ නාඳුනන තරුණයන් දෙදෙනකු බලහත්කාරයෙන් ඇයට ටොෆියක් කැවීමෙන් පසු රෝගාතුරවී වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ටොෆිය කෑමත් සමග තද බඩේ කැක්කුමක් හටගෙන ඇති අතර ඇය
දිවගොස් ඒ බව විදුහලේ ගුරුවරුන්ට දැනුම්දුන් පසු දැරියගේ මවුපියන් වහාම ගෙන්වා එම දැරිය රෝහල් ගත කිරීමට පියවර ගත් බව විදුහල්පති එම්. එම්. රත්නායක මහතා කියා සිටියේය. එකොළොස් හැවිරිදි මෙම සිසුවිය තනිව පාසලට යමින් සිටියදී යතුරුපැදියකින් ආ දෙදෙනකු ටොෆියක් අතට දී බලෙන් කැවූ බව එම දැරිය පවසයි.  බියට පත් දැරිය එම ටොෆිය ගිලදමා ඇත.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය.

“මේ සිද්ධිය පිළිබඳව පාසල ආරම්භ වන්නට සුළු මොහොතකට පෙර ගුරුවරුන් මට දැනුම් දුන්නා. ළමයා බයට එම ටොෆිය කාලා. එම ටොෆිය කෑවට පස්සේ ඇගේ බඩ රිදෙන්න පටන් අරන්. මෙය පාසලෙන් පිටතදී
සිද්ධියක් නිසා දරුවා මවුපියන්ට බාර දුන්නා.”

-ඩබ්ලිව්.ඒ.පියතිලක-