කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17)
දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කිරිමෙන් පසු වතුකරයේ ජනතාව සහන මිලට එම භාණ්ඩ
ලබා ගැනිම සදහා අද (18) දින උදෑසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙන අයුරු  කැමරාවේ
සටහන් විය.



හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රු 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක්
ලබාදිම සිදු කරන නිසා එම ශාඛාවලින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක්ද ලබාදෙයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳුන් කියා සිටින්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට
ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.

රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුලින් විශාල පාඩුවක් සිදු වන බව
පෞද්ගලික වෙලදුන් පැවසීය.

නව මිලට සැමන් සහ පරිප්පු තොග වශයෙන් ලබාදෙන්නේ නම් එම සහනය පාරිභෝගිකයන් හට ලබාදිය හැකි
බවද වෙළෙඳුන් පැවසීය.

රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් සහනය පිලිබදව වතුකරයේ ජනතාව
ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තුතිය පුද කරයි.

-හැටන් රංජිත් රාජපක්ෂ