ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.
එසේම ඇය සමග සමීපව අසුරුකළ
දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග  පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර ආසාදනයට ලක්ව ඇති

ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.
මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

මිට ඉහතදී  ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ.