බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව අද වාර්තා විය.
ඇය සිය  ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු
ලෙස ඇය නම් කිරීම හේතුවෙනි.
වියත් මග සාමාජිකාවක ලෙස දේශපාලනයට එකතුවුණ ඇය නව රජය බලයට පත්වූ අලුතම බස්නාහිර ආණ්ඩුකාර ධූරයට පත් වූ අතර පසුගිය දිනවල
කොරෝනා ආසාදනය හා ආශ්‍රීත සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ ප්‍රධාන පෙළේ නිලධාරිනියක විය.