කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් අද වාර්තාවී ඇත්තේ එම තැනැත්තාට කොරෝනා ඇති බවට හදුනාගෙන පැය කිහිපයක් තුළදීය.
මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මුලින්ම මීගමුවේ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති ඔහු පසුව අද මීගමුව මූලික රෝහලට ඇතුළත් ව ඇති අතර වෛද්‍ය පරීක්ෂාවේදී සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් කොරෝනා පරීක්ෂාවකට යොමු කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.
මීගමුව දිස්ත්‍රික් රොහලේ කොරෝනා ආසාදිතයින් ලෙස සැකයට වෛද්‍ය අධික්ෂණයේ 4 දෙනෙකු සිටි බව අද උදේ වාර්තාවී තිබුණ අතර මෙමතැනැත්තා එම සැකය මත අංගොඩට මුල්ලේරියාවට යවන්නට පෙරම මියගොස් තිබේ.