3.50 pm update
රජයේ පාසල් වසා දැමීමේ තීරණය අනුව යමින් කොළඹ කතෝලික අධ්‍යාපන කාර්යාලය කොළඹ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් හෙට සිට මාර්තු 26 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
2.50 pm update
දිවයිනේ සියලුම රජයේ පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා නිල වශයෙන් පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය
"සෞඛ්‍ය අමාත්‍යාශංය
දැඩිව අවධාරණය කළේ ආසාදිතයට අමතරව
කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති බවයි. නමුත් මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක දරුවන් ලක්ෂ 43ක් ඉන්නවා. රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්. වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.” යැයිි ඇමැතිවරයා පැවසී ය
"පාසල් දරුවන් ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතවලිනුත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා. නියමිත දිනට පාසල් ආරම්භ කිරිමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා."
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
