කොරෝනා වෛරස රෝග තත්වය හේතුවෙන් ඊට මුහුණදීම සදහා පරිභෝගිකයන් විසින් අනවශ්‍ය ප‍්‍රමාණ වලින් වෙළදපොලෙන් ලූණු මිලදී ගැනීමක් සිදුවන බවට
ශ්‍රී ලංකාවේ ලුනු බෙදැහැරීමට සම්බන්ධ ප්‍රමුඛ සමාගමක් වන රයිගම් ලූණු සමාගම පවසයි. ඔවුන් සතුව ලංකාවේ සම්පූර්ණ පරිභෝජනයට මාස 4 කට ප‍්‍රමාණවත් වන ලූණු තොග සතු බවද දන්වා ඇත.
අනවශ්‍ය මිලට ගැනීමකට ගියොත්
වෙළදපොලෙහි තාවකාලික ලූණු හිගයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසද දන්වා ඇත.
සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ පවසන්නේ දින 21 ක කාල සීමාවකට සමස්ථ ඉන්දියාවටම බලපැවැත්වෙන පරිදි පනවන ලද නිවාස අඩස්සි (Lockdown) තත්වය හේතුවෙන් ඉන්දියාවෙන් කරන ලූණු ආනයනයන් ශ‍්‍රී ලංකාවට නොලැබීමේ තත්වයක් ඇතිවේයැයි යන බිය ඉහත අනවශ්‍ය ඉල්ලූමට තවත් හේතුවක් බවයි. නමුත් අද ශ‍්‍රී ලංකාව ලූණු වලින් ස්වයංපෝෂිත බවද ඔහු දන්වයි.
මෙම නිසා ලූණු හිගයක් ගැන පාරිභෝගිකයා අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවද දන්වා ඇත.