පෙරේදා ලංකාවෙන් වාර්තාවූ පළමු කොරෝනා රෝගියා වූ මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා රෝගය ගැන දැනගන්නට ප්‍රථම  සංචාරක මාර්ගෝපදේශය සිදු කරමින් සිටියදී ගමන් කළ මහනුවර රෝයල්
කැන්ඩියන් හෝටලයේ වේටරවරයෙකු ලෙස සිටි සේවකයෙකු කොරෝනා වෛරස් ආසාදනය වී ඇති සැකයට රෝහල් ගත කර තිබේ. 25 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදංචි තරුණයෙකු වන ඔහු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර රෝහල වෙත යොමු කළ බව වාර්තාවේ.
ගම්පොළ ශීක්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චාමින්ද දිසානායක දන්වා සිටියේ මොහුට කොරෝනා ආසාදනය ගැන සැකයක් පමණක් ඇති බැවින් කලබලවීමට අවශ්‍ය තාවක් නැති බවත් පරීක්ෂණ අනුව එම තත්වය නිසියාකාරව හදුනාගන්නට කටයුතු යොදා ඇති බවත්ය.