දක්ෂිණ අධිවේගී මාර්ගයේ සීටීබී බස් රථයක් ගිනිගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අද උදෑසන ගිනි ගෙන තිබෙයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථය අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල හදිසි ගිනි ගැනීමකට ලත්ව තිබේ.
මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය අද උදෑසන 7.00 පමණ මෙලෙස ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ.
ගින්න හේතුවෙන් ජීවත හානි තුවාල කිසිවත් සිදුව නොමැති අතර කහතුඩුව පොලීසි වැඩිදුර විර්ශන සිදු කරයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com