ස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම තනතුරෙහි මින් පෙර කටයුතු කළේ වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මියයි. ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට නාමයෝජනා ලබාදී ඇති නිසා මෙම තනතුරෙන් ඉවත් වූවාය. ඇය ඉවත්වූ පසු මෙම තනතුර ලබාදීමට ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණියගේ නම යෝජනා වූ නමුත් ඔහු ඊට අකමැතිවූ බවට වාර්තා පළවිය.