අපේ ජන බළ පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බව අතුරලියේ රතන හිමියන් පවසනවා.

කොඩිය ලකුණ යටතේ සියලු
බලවේග එක් කරන බවයි උන් වහන්සේ සඳහන් කළේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ‘අපේ ජන බල’ පක්ෂය යටතේ පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදුන් අතර මහමැතිවරණයට පොහොට්ටුව සමග සන්ධානගතවීමට අපේක්ෂාවෙන් පසුවිය.නමුත් පොහොට්ටුව යටතේ ස්වාමීන් වහන්සේලා කිසිවෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොකිරීමට ලබාගත් තීරණයෙන් පසු රතන හිමියන්ට තෙවැනි වතාවට පාර්ලිමේන්තුවට ඒමට වෙනම තරග කරන්නට සිදුව තිබේ.
පසුගියදා මහින්ද හා නාමල් රාජපක්ෂ දෙපළ දැඩි විවේචනයටද ලක්කළ රතන හිමි ‘කොඩිය’ ලකුණින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත්වන බව අද සදහන් කර තිබේ.