පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටින මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය  රත්නජිවන් හූල් මහතා ඊයේ (3) වන විටත්  දිවයිනට පැමිණ සිටියේ නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින්
ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මැතිවරණ කොමිසම රැස්විය යුතු අතර ඒ සඳහා සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයින් දෙදෙනාම සිටීම අනිවාර්ය කර තිබේ. මහ මැතිවරණයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනවල සාමාජිකයින් තිදෙනාම අත්සන් තැබීම නීතියෙන් අනිවාර්ය කර ඇත.

මේ අතර තමා විදේශගතව සිටින අවස්ථාවක හදිසි තීන්දු තීරණ ගැනීමටත්, අතිවිශේෂ ගැසට් නිවේදනවලට අත්සන් තැබීමටත් ව්‍යවස්ථාපිත බලය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට පවරමින් මහාචාර්ය හූල් මහතා කොමිසමට ලිපියක් ලබාදී තිබේ. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත්දා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

-රංජන් කස්තුරි-