දිවයින පුරා බලපැවැත්වෙන පරිදි දින 4 ක ට ආසන්න කාලයක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම නිසා අද
දහවල් වනවිට ජනතාව
නැවත වෙළෙඳසල් කරා ඇදී ආ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල සුපිරි වෙළෙඳසල් පෙට්‍රල් ෂෙඩ් ජනතාවගෙන් වාහන වලින් පිරී මාර්ග අවට වරින්වර තදබද තත්වයන් ඇති විය.
කොරෝනා වෛරස් තත්වය පැතිර යාමේ අවදානම නිසා මාර්ගයේ ගමන් ගන්නා සහ වෙළෙඳ සල්වල බොහෝ පිරිස් මුහුණු ආවරණ පැළඳ සිටීම විශේෂිත විය.
ඇතැම් සුපිරි වෙළෙඳ සල් ජාලා ඇතුළට ජනතාව ඇතුළු කිරීම සෞඛ්‍ය ආරක්සාව සලකා කඩින් කඩ සිදු කළ අතර මේ නිසා වෙන කවරදාවත් නැතිව සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට ඇතුළට යාමේ පෝලිම් දක්නට ලැබුණි.