යේ දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට පැමිණි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් පසුගිය දවස්වල කොරෝනා රෝගයෙන් සුවය ලැබූ චීන ජාතික කාන්තාව ඔබ සිපගත්තේ
ඇයිදැයි කළ විමසීමේදී ඇමතිනිය මෙසේ කීවාය.


'චීනයට මට ලොකු ගෞරවයක් තිබ්බා. යුද්ධය කරන කාලෙ ලංකාව වෙනුවෙන් හිටියා. ඒ්ක එහෙම රටක්. මේ කටයුත්තෙදි චීන මිනිස්සු නිරෝධායනය කරන්න අවශ්‍ය වුනේ නෑ.ඒ් අය විනයකින් කටයුතු කළා. කියපු විදිහට හිටියා. ඒ් කාන්තාවගේ මහත්තයටවත් ඒ් ලෙඩේ හැදුනෙ නෑ. එයාට දෙවැනි ටෙස්ට් එකත් කරල ලෙඩේ නැති බව දැනගෙන උන්නෙ.
මල් ටිකක් මං ගාවට අරන් ආව. එතකොටයි වැළඳ ගැනීම සිදුවුනේ.ඒ්ක ගෞරවයට කළේ.  ඒ්ක රාජ්‍ය තාන්ත්‍රික වැළඳ ගැනීමක්.'