නාන්නට ගොස් මුහුදේ ගසා ගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළසිරුර වැලිගම, පැළෑණ මුහුදු වෙරළට
ගොඩ ගසා තිබියදී
සොයාගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ 62 හැවිරිදි විවාහකයෙකි. ඔහු බිරිය සමග වැලිගම පැළැණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්
ගෙන සිටියදී ඉකුත් (29) උදේ  ඔහුට මෙම අනතුරට මුහුණ දීමට සිදුවිය.

 මුහුදේ ගසාගෙන ගිය මොහු සෙවීමට වැලිගම පොලිසියත් මිරිස්ස වෙරළ ආරක්ෂක බලකායත්, නාවික හමුදාවත් කටයුතු කර තිබුණත් එය සාර්ථක නොවීය. මෙම අයගේ මළසිරුර පසුගිය (29) දා සවස පැළැණ වෙරළ තීරයටම ගොඩගසා තිබිණි.

-සුනිල් ධර්මබන්දු ද සිල්වා-