අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් බව පවසා මූදල්.ලබා ගැනීමට තැත් කළ සැකකරුවන්
තිදෙනෙකු හා සැකකාරියක් අත් අඩංගුවට ගන්නට හැකිවූ බව මතුහිරිපිටිය පොලිසිය පවසයි.

 ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසා පිටුවල්ගොඩ, යක්කල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් මරණ තර්ජන ඇති බවත් එම තර්ජන වලින් බේරා ගැනීමට රුපියල් ලක්ෂයක
මුදලක් කප්පම් වශයෙන් අවශ්‍ය බවට තර්ජනය කර තිබේ.
මෙම ඇමතුම ගැන සැක ඇතිවුණ කාන්තාව ඒ සම්බන්ධයෙන් 04 වන දින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබේ.
මීට අදාලව විමර්ශනයක් සිදුකර සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් 05 වන දින අත්අඩංගුවට ගන්නට මල්වතුහිරිපිටිය පොලිසිය පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 37,40 හා 43 යන වයස්වල පසුවන බලංගොඩ, අත්තනගල්ල, ගම්පහ හා වතුරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් හා සැකකාරිය 06 වන අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මතුහිරිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.