කොරෝනා රෝගය හේතුවෙන් මියගිය දෙවන පුද්ගලයා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේවනවිට ලැබී ඇත.
මියගිය පුද්ගලයාට රෝගය බෝවන්නට ඇත්තේ විදේශයක සිට ලංකාවට පැමිණ නැවත විදේශගතවූ එම තැනත්තාගේ පුත්‍රයකු නිසා බවට දැන් සැකයක් පැනනැගී ඇත. මියගිය පුද්ගලයා 64 හැවිරිදි මීගමුවේ පෝරුතොට පදිංචි අයෙකි. පුත්‍රයා ලංකාවෙන් පිටත්ව ගිය පසු
මෙම තැනැත්තාට

යම් යම් රෝග ලක්ෂණ පහළවී ඇතත් පැරසිටමෝල් පමණක් ලබාගනිමින් එය ගණනකට නොගෙන කටයුතු කිරීම නිසා අවසන් අවස්ථාව දක්වා ඔහු හෝ පවුලේ අය රෝගය ගැන නිසි වගකීමකින් කටයුතු කර නැත. අද (30) උදේ පපුවේ අමාරුවක් ඇති බව කී නිසා මුලින්ම ෆාරෙස් නමැති ප්‍රාදේශීය ඩිස්පැන්සරියකට ගෙන ගොස් එතැනින් ලැබුණ උපදෙස් මත මීගමුවේ නවලෝක පුද්ගලික රෝහලට ඔහුව ගෙන ගියද එහි වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කර භාරගන්නට බැරි බව දන්වා මීගමුව මූලික රෝහල වෙත යොමු කර ඇත.

20 දෙනෙකු පමණ කන්ඩායමක් සමග ඔහු අනතුරුව මීගමුව රෝහලට ගොස් ඇති අතර ඔහුව ඇතුළත් කළ පසුව වෛද්‍යවරුන් කොරෝනා යයි සැක රෝග ලක්ෂණ මත ඔහුව අදාළ පරීක්ෂණයට යොමු කර තිබේ. කෙසේ වෙතත් ඔහු මීගමුව දැඩි සත්කාර ඒකකයට යොමු කර පැය කිහිපයක් තුළ සවස 6.05 ට පමණ මරණයට පත්වූ බව වාර්තාවේ.

මියගිය තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකු නිසා පවුලේ සාමාජිකයින් වැඩිවීම මත පැතිරීම වැඩිය. ඔහුගේ නිවසේ 11 දෙනෙකු පමණ වාසය කර තිබෙන අතර අද (30) සවස පොලිසිය නිවස වෙත ගොස් නිවස සීල් තබා එහි සිටි සියලු අය නිරෝධායනයට යොමු කරන ලදි. මේ වනවිට මීගමුවේ නවලෝක රෝහල හා මීගමුවේ මූලික රෝහලේ අංශ කිහිපයක සේවකයින්ට නිවාඩු යැවීමට හා නිරෝධායනයට යොමුකිරීමට මෙම රෝගියාගේ  ක්‍රියාකලාපය හේතුවිය.