අනුරාධපුර සිර ගෙදර කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට පැතිරෙන ආරංචිය කටකතාවක් පමණක් බවත්
එවැනි සිදුවීමක් වේ

නම් බලධාරීන් ඒ ගැන අවශ්‍ය පියවර ගන්නා ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර ට්විටර් පනිවිඩයක් නිකුත් කර දන්වා ඇත.
ඔහු මෙසේ ලියා ඇත.
'කටකතා වලට අනුව අනුරාධපුර බන්ධනාගාරයේ කිසිවෙකු ධනාත්මක ලෙස පරීක්‍ෂා කර නොමැත. වසංගතයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නිලධාරීන් විසින් ගනු ලබන අතර, පැතිර යාමකදී අවශ්‍ය පරිදි පාලනය කිරීම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ද පියවර ගෙන තිබේ.'