බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කළ අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන
පොලිස්පතිවරයාට නියෝග කර සිටියා.

ඒ අනුව පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කිරීමෙන් පසු රවී කරුණානායක මන්ත්‍රිවරයා ඇතුළු 10 දෙනාට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු 10 දෙනාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරිමේ තීරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද 4.30 ට ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නට නියෝග නිකුත් කර තිබේ.