මාසික වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කුඩා ලොරි රථයක් ආපසු රැගෙන යැමට පැමිණි  එම ලිසිං සමාගමේ පස් දෙනකුට නිවසේ සිටි පිරිසක් පහරදීමෙන් එක් අයකු මියයාමේ සිදුවීමක් මාරවිලින් වාර්තා වෙයි.
මාරවිල හල්පන්විල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණි ලීසිං සමාගමේ පිරිස හා නිවැසියන් අතර
සිදුවූ බහින් බස්වීමකින් පසුව මෙම පහරදීම සිදුවී ඇතැයි කියති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ලොරි රථයේ  අයිතිකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මියගොස් ඇත්තේ වෙන්නප්පුව, සිරිගම්පල පදිංචිව සිටි හපන් පේඩිගේ සුදත් ප්‍රසන්න (45)  නමැති විවාහකයෙකි.
මොහු ලීසිං සමාගමක

වාරික නොගෙවන වාහන අත්පත් කරදෙන කණඩායමක සේවකයෙක්  බවද පොලිසිය කියයි.  මාරවිල පොලිස් වසමට අයත් හාල්පන්විල ප්‍රදේශයේ අයකු විසින් ගෙවීමේ ක්‍රමයට ලබාගත් (ලීසිං) කුඩා ලොරි රථයක මාසික වාරික ගෙවීම පැහැර හැරිමට කියමින් හලාවත ප්‍රදේශයේ ලීසිං සමාගමක වාහන සිසර්වරුන් පස් දෙනකු ඊයේ (05) උදේ 10.00ට පමණ එම ලොරි රථය රැගෙන යාමට වෑන් රථයකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.
මේ අවස්ථාවේ ලොරි රථය රැගෙන යාමට  පැමිණි සීසර්වරුන් සහ එහි අයිතිකරු අතර බහින්බස්වීමක් සිදුවී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇති බව කියවේ.
ලොරි රථය රැගෙන යෑමට හා සීසර්වරුන් එහි  අයිතිකරුටද පහරදීමක් සිදුකර ඇති බවට
තොරතුරු හෙළිවී ඇති බවද පොලිසිය පවසයි.  මේ අතර ලොරි රථය රැගෙන යැමට ආ අය  පැමිණි වෑන් රථයේ රෝදයක හුළං ඇර තිබීම නිසා පහරකෑමට ලක්වූ අය ලොරි රථයේ දමා ගෙන සෙසු සිවුදෙනා ඔහු මාරවිල රෝහලට බාරදී පලාගොස් ඇති බවද එම පොලිස් නිලධාරීවරයා කීය.  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සුදත් නමැත්තා  එහි ගොස් ඇති අතර මේ බව රෝහල් බලධාරීන්  මාරවිල පොලිසියට දැනුමදී ඇත.  මෙම පහරදීමට අදාළව ලොරි රථයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගිය තොරතුරු මතය.  මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (3) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර
වෛද්‍ය පරික්ෂණෙයක් සඳහා හලාවත මහ  රෝහලට යැවීමට කටයුතු කරන බව රෝහල්  ආරංචි මාර්ග කියයි.
නාත්තන්ඩිය හා මාරවිල පොලිස් නිලධාරිහු මෙම ඝාතනය සම්බන්ධව පරීක්ෂණ  පවත්වති.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, මාරවිල ට්‍රික්සි  කොස්ටන්  )