දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ සිරවි සිටි අවසන් බැතිමතුන් පිරිසත් අද(22)උදැසන ගුවන් මගින් මෙරටට පැමිණියහ.



අද අලුයම පැමිණි ගුවන් යානයේ ශ්‍රී ලාංකික බැතිමතුන් 97ක් පැමිණි අතර නවදිල්ලියේ සිට උදැසන 8.30 ට පැමිණි යානයෙන් 51 ක් රැගෙන විත් ඇත .

මේ වනවිට එම යානයේ මගින් විෂබීජානුහරණයට ලක්කරමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සුදානම් කරමින් ඇත .

අලුයම පැමිණි ගුවන්‍ යානයෙන් භික්ෂූන් වහන්සේලා පස්නමක්ද පැමිණ ඇත .



තිස්ස රවීන්ද්‍ර පෙරේරා