කටුනායක ගුවන් තොටුපොළේ හදිසි ප්‍රතිකාර ලබාදීමට තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයේ සාත්තු සේවකයකුට කොරෝනා වෛරසය වැලඳීම නිසා වෛද්‍ය මධ්‍යස්ථානය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම සාත්තු සේවකයා සමග රාජකාරි කළ අනෙකුත් සේවකයන්ට දින දාහතරක නිවාඩු අනුමත කර නිවෙස්වල සිට නිරෝධායනය වීමට උපදෙස් දී ඇත. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය මගින් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. ගුවන් තොටුපොළ සේවකයන්ගේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ මෙන්ම ගුවන් තොටුපොළේදී හදිසි රෝගී තත්ත්වයන්ට ලක්වන අයටද මෙහිදී ප්‍රතිකාර ලබා දී ඇත.

විදේශගතව සිට පැමිණි දෙදෙනකුට සහාය වීමට ගිය අවස්ථාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සාත්තු සේවකයාට කොරෝනා වෛරසය වැලඳෙන්නට ඇතැයි සැක පහළ වී ඇත. ඔහු කෑගල්ල නෙළුම්දෙණියේ පදිංචි අයකු වන අතර මේ වන විට ඔහුගේ පවුලේ අයටද නිවසේ සිටම නිරෝධායනය වන ලෙස උප​දෙස් දී ඇත. මෙම ආසාධිතයා සේවයට පැමිණ ඇත්තේ මගී ප්‍රවාහන බස් රථවලින් බව අනාවරණය වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා