ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට 
මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර යයි.
එම පුවත නිල වශයෙන් තවම තහවුරු කර නැති අතර ඒ ගැන සත්‍ය තොරතුරු සොයමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත දන්වා තිබේ.
ඉතාලි තානාපති කාර්යාල ඒ ගැන තවමත් ලංකාවට දන්වා නැත.
ඒ ගැන කළ විමසීම අනුව ඔවුන් තවමත් මියගියැයි කියන අය ගැන විස්තර සොයමින් සිටින බව පමණක් දන්වා ඇත.
සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ආරංචියෙන් කියැවුනේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක් අයෙකු මියගිය බව හා තවත් 8 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බවයි.