හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා බවට සැක රෝගීන්ගේ දෛනික කටයුතු අද (28) සිට රොබෝ යන්ත්‍රයක් මාර්ගයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. මෙම යන්ත්‍රය
ඇට්ලස් සමූහ ව්‍යාපාරය මගින් ලබාදී ඇත.

සිය දෙනකුගෙන් පමණ සිදුකරන සේවාවන් මෙම රොබෝ යන්ත්‍රය හරහා කරවා ගැනීමට හැකිවනු ඇති බව ද පැවසේ.

රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවෙන් වාට්ටුවට ගමන් කිරීමටත්, රෝගීන්ගේ තොරතුරු වෛද්‍යවරයාටත්, වෛද්‍යවරයාගේ තොරතුරු රෝගියාට ලබා දීමටත්, ඖෂධ ලබාදීම හා, ආහාරපාන ලබාදීම ඇතුළු සේවාවන් රැසක් මෙම රොබෝ යන්ත්‍රය හරහා සිදුකර ගැනීමට හැකිවනු ඇති බව කියති. මෙම යන්ත්‍රය විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් මිලියන 5 කට අධික මුදලක් වැයවන අතර ශ්‍රී ලාංකික සමාගමක් මගින් මෙය නිපදවා ඇති නිසා ඊට වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ 10ක් පමණ බව මුදලක් වාර්තා වේ.

ඒ අනුව හෝමාගම මූලික රෝහලේ දෙනික කටයුතු අද (28) සිට මෙම යන්ත්‍රය හරහා පරීක්ෂණ මට්ටමෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඉදිරියේදී දිවයිනේ වෙනත් රෝහල ද ස්ථාපිත කර සේවා ලබාගැනීමට අපේක්ෂිතය.
( මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)