කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඉන්ධන අලෙවිය සියයට 20කින් පහත වැටී තිබෙනවා



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ගත වූ දින කිහිපය තුළ ජනතාව ප්‍රවාහන කටයුතු අඩු කර ඇති අතර, මේ හේතුවෙන් ඉන්ධනහල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ද අඩු වී ඇති බවයි.

පොදු ප්‍රවාහන සේවා භාවිතය අඩු කිරීම නිසා ඇතැම් බස් රථ ධාවනය කිරීම ද අත්හිටුවා ඇති අතර, මෙම තත්වය තුළ ඉන්ධන අලෙවිය පහත වැටී ඇති තිබෙනවා.