ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ සිරස රූපවාහිනී
නාලිකාවේ වැඩසටහනකට
එක්වෙමින් දන්වා සිටියේ ලෝකයට මෙතරම් ඇගලුම් සපයන රටක්ව තිබියදී ලංකාවේ මුහුණු ආවරණ හිගයක් පැවතීම ගැටලු කාරී බවයි.
රජය මැදිහත්වී ඇගලුම් කර්මාන්ත හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර මෙම ප්‍රශ්නය විසදිය හැකි බවයි.
මේ වනවිට චීනය හා කියුබාව මෙම ගැටලුව නිරාකරණය කරගෙන ඇත්තේ නිවෙස් වල සිටින පාසල් සිසුන්ට  රෙදි කැබලි තොග ලබාදී ඒවායින් ෆේස් මාස්ක් නිර්මාණය කරන්නට උපදෙස් ලබාදීමෙන් බවත් මෙවැනි ගැටලු සදහා ප්‍රායෝගික පියවර ගැනීමට රජයට හැකියාවක් ඇති බවත් පෙන්වා දුන්නේය.