විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොරෝනා වෛරස රෝගය පැතිරයාම වැලැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරු මහ කොමසාරිස්වරුන්
විදේශ අමාත්‍යංශයට
කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී මෙම රෝගය පැතිරයාම සහ එය වළක්වාගත හැකි ක්‍රම ගැන ඇමතිතුමා තානාපතිවරුන් හා එම රෝගය සම්බන්ධ විශේෂඥයන් සමග කථාබහ කළේය. ආචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් කරන ලද කොරෝනා වෛරසය ජීවී සෛලවලට බැඳීම වලක්වන  ඖෂධ පිලිබඳව මෙහිදී දැනුවත් කිරීම කරන ලදී.