හිටපු ජනපති පුත් දහම් සිරිසේන පෙරේදා පාන්දර කොළඹ කේම්බ්‍රිජ් පෙදෙසේ ගොඩනැගිල්ලක ඉහළ මහළේ පිරිසක් සමග එක්ව පූල් පාටියක් දමා ඇති බව වාර්තා කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක
ඇඳිරි නීතිය
තදින් පවතින අවස්ථාවක මේ ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.
සන්ඩේ ටයිම්ස් ගවේෂණාත්මක මාධ්‍යවේදිනි නමිනි විජේදාස සිය ෆෙස් බුක් ගිනුමේ මේ ගැන දක්වා තිබූ සටහනේ පරිදි අදාළ සිදුවීම ගැන ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව දැනුවත් කළද ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා මගහරින බව දන්වා ඇත.

මේ අතර නමිනි තැබූ ෆේස් බුක් සටහනට පිළිතුරක් ලියන දහම් සිරිසේන මෙම කතාව විකාරයක් බවත් එවැනි සිදුවීමක් සිදුවී නැති බවත් දන්වා ඇත. ඔහු පවසන්නේ නමිනි එදින සිහිනයක් දැක ඇති බවකි. මෙවැනි කතා පැතිරවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු දන්වා ඇත.
අදාළ ෆේස් බුක් සටහන් දෙක පහත පරිදිය.