පෝලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ, කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා
වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා ජාත්‍යන්තර මුහුදු තිරයේ ගමන් කරන විදේශිය නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් දෙදෙනෙකු බවද රෝහල් ආරංච් මාර්ග සඳහන් කළේය.

මොවුන් 44 හා 37 වැනි වියේ පසුවන අය වන අතර පසුගිය 03 වැනිදා ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් ගාල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සිට පසුව වෛද්‍ය උපදෙස් මත මොවුන් රෝහල්ගතර තිබෙයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත ඒකකයේ අද (23) පෙරවරුව වනවිට රෝගින් තිදෙනෙකු ප්‍රථිකාර ලබව බව රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළා. බුස්ස නිරෝධයන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර එම පිරිස අතර බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු ද සිටින බව පැවසෙයි.