කොළඹ නාරාහේන්පිට ආසිරි මෙඩිකල් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. ඔහු තමන්ගේ තොරතුරු රෝහල් බලධාරීන්ට වසන් කර රෝහලේ නවාතැන්ගෙන සිටින අතර රෝග ලක්ෂණ ගැන ඇතිවූ සැකයට
සිදු කළ පරීක්ෂණයේදී කොරෝනා ධනාත්මකවී ඇත. මෙම රෝගියා ඇතුළත්වීමේදී තමන්ගේ රෝග ලක්ෂණ හා හැසිරීම් ඉතිහාසය ගැන හරිහැටි කරුණු ඉදිරිපත් නොකිරීම නිසා ආසිරි කාර්ය මන්ඩලය කොරෝනා පරීක්ෂාවට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස සලකා දුරස්ථව ඔහුට මුලදී පුතිකාර කර නැතිවූයෙන්

මොහු සමග ගැවසුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අසීරුතාවයට ලක්ව ඇති බව පැවසේ. මේවනවිට ඔවුන් නිවාඩු ගන්වා ඇති අතර  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වීමේදී භාරකරු ලෙස පැමිණි ඔහුගේ ඥාතියාද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත.

මේ අතර ආසිරි රෝහල් ජාලය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ පණිවිඩ නිකුත් කරන ආසිරි හෙල්ත් ෆේස් බුක් පිටුව දන්වා ඇත්තේ එම රෝහල් සේවකයින් කිහිප දෙනෙකු හුදෙකලා කරන ලද බවත්,

රෝගියෙකුගේ පවුලේ අය හිතාමතාම අදාළ තොරතුරු සගවා තබාගෙන සිටීමෙන් පසු COVID-19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් ආසිරි මෙඩිකල් රෝහලේදී පරීක්‍ෂාවට ලක්වූ බවත් එම පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝගියා වහාම අයිඩීඑච් වෙත මාරු කර යවා ඇති බවත් අවදානමට ලක්ව සිටින සියලුම රෝහල් සේවකයින් හුදෙකලා කරන ලද බවත්ය. මේ අය වසංගත රෝග විද්‍යා ඒකකයේ මඟ පෙන්වීම යටතේ නිරීක්ෂණයේ යෙදී සිටින බවද ආසිරි හෙල්ත් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.