ඉදිරි උත්සව සමයේදී ඇඳුම් ආදිය මිලදී ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල්
ජාසිංහ අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්චාවේදී ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ ඇඳුම් ආදිය විවිධ අය විසින් ඇඳ බලා තිබෙන ඒවාවීම නිසා විෂබීජ පැතිරෙන්නට ඉඩ ඇති බවයි. ඒවා මිලදී ගැනීමේදී ඇතැම් විට පුද්ගලයින් විකිනීමට තිබෙන ඇඳුම් ආදිය ඇල්ලීම, එම ස්ථානවල ගැවසීමෙන් රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ දන්වා සිටියේය.
මහජනතාව ආරක්‍ෂිත පියවරක් ලෙස විශාල වශයෙන් මහජනතාව රැස්වෙන ස්ථාන වලට නොගොස් සිටින්නැයි දඔහු ඉල්ලා සිටියේය.