හලාවත රෝහලට උණ රෝගයට ප්‍රතිකාර සදහා පැමිණි රෝගියෙකු හට කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි පවතින සැකයක් මත    අද (11) දහවල් එම රෝගියා අංගොඩ උණ රෝහල වෙත මාරු කිරීමට
රෝහල් බලධාරීන් වහාම කටයුතු කර ඇත.

මෙම රෝගියා හලාවත සේරුකැළේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය ඉතාලියෙ සේවය කර දින කීපයකට ඉහතදී දිවයිනට පැමිණි තැනැත්තියකි.

සිද්ධියෙන් පසු රෝහල් බලධාරීන් විශේෂ අරක්ෂිත වැඩපිළිවෙළ රෝහල තුළ ක්‍රියාත්මක කරඇති අතර  ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රෝහල්  අධ්‍යක්ෂ  වෙද්‍ය   කේ.පී. මල්ලවාරච්චි මහතා  පැවසීය.
(ලලිත් නවරත්න සහ ඔගස්ටීන් ප්‍රනාන්දු )