ඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ කොළඹ හා තදාසන්න නගරවල වෛරස පැතිරීමේ බියද ඇති කරමින් ජනතාව ඒකරාශීවූ නිසා ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය
බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මුල් කරගෙන ඇති විය. ඒ ගැන
සාකච්ඡාවක් අද (25)  හවස පැවැත්විණි.
ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කළ හැකි ආකාරය මෙහිදී කතාබහ කර ඇත.
සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය
යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කියැවිණි. අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ  රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් මෙහිදී කතාබහක නිරතවිය.
සහල්, පොල්, එළවළු, බිත්තර හා කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව මෙහිදී මුල්තැනදී කතාබහ විය. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බවට සාකච්ඡා විය.
ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.
රජයේ රෝහල්වල
ලියාපදිංචිව  අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.
පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.
දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද දන්වා ඇත. බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ.

මෙම වැඩසටහන අද හෙට සිටම අරඹන්නට හැකියාවක් පෙනේනට නැති අතර ඉදිරි දිනවලදී තොරතුරු ප්‍රසිද්ධ කරනු ඇත.
--------------------
මේ අතර සමුපකාර දෙපාර්තමේනතුව විසින් “අපි එනතුරු ගෙදර ඉන්න”  නමින් ආරම්භ කරන ලද වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද (25) ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යටතේ රුපියල් 500 හා 1000 වටිනාකමින් යුත් වියලි සලාක ඇතුළත් බඩු මිල ජනතාව වෙත ලබාදිම සිදුවන අතර අවශ්‍ය බඩු මලු දුරකථන මගින් දඅනුම්දිමෙන් නිවෙස් තුළට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදයක්ද සකස් කර ඇත.
ප්‍රාදේශිය ලේකම් මගින් ග්‍රාම නිලධාරින් හරහා ඉදිරියේදි මෙම වැඩපිළිවෙලට සම්බන්ධවී ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්නා ආකාරය දැනුම් දෙනු ඇත.
මෙම වැඩපිළවෙල බස්නාහිර පළාත තුළ ඇති විවිධ සේවා සමුපකාර සමිති 38 තුළම ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් කොමසාරිස් අවිනි ඒ විජේවික්‍රම මහත්මිය දන්වා ඇත.