කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු තවත් දෙදෙනෙකු අයි.ඩී.එච්.
රෝහලට මාරුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.


රෝහලට ඇතුළත් කෙරුණු  එක් අයෙකු ඊයේ ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකු බවයි වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අනෙක් පුද්ගලයා පසුගිය 6 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවති පුදබිමේ සංචාරය කර පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ අයෙකු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.