අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පවත්වනවාද නැද්ද යන තීරණය ගැනීම එම පාසල්වල
විදුහල්පතිවරුන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පාසල් වසා දැමීම පිළිබඳව නිලවශයෙන් දැනුම්දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (12 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ පැවසීය.

කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන අප්‍රේල් මස 20 වැනිදා දක්වා වැසීමත් සමඟ මහ ක්‍රිකට් තරග පැවැත්වීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

(ඩයනා උදයංගනී)