9.30pm
අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.
5.30pm
නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර
ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත රෝගින් සංඛ්‍යාව 70 ක් වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
11.30am
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාවේ අද
දවල් 10 වාර්තාව අනුව තවත් පුද්ගලයින් 06 දෙනෙකු

හදුනාගෙන තිබේ ඒ අනුව ආසාදිත මුලු සංඛ්‍යාව 65 දක්වා ඉහල ගොස් ඇත.
 දිවයින පුරා රෝහල් වල කොරෝනා සැක රෝගීන් 218ක් සිටී. මාර්තු 20 වාර්තාව මේ සමග පළවේ.