කොරෝනා ආසාදිත ඊයේ සහ පෙරේදා වාර්තාවූ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 05 දක්වා
ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අලුතින් හඳුනාගත් රෝගීන් තිදෙනා පිළිබඳ මෙලෙස තොරතුරු ප්‍රකාශ කළේ
අවුරුදු 41ක් වයසැති මෑතකදි ජර්මනියේ සංචාරය කර පැමිණි පිරිමි පුද්ගලයෙකි. ඔහු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයෙකුවන අතර ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙකි. ඔහු මේ වනවිට පොළොන්නරුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනෙක් රෝගියා වයස අවුරු 43ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ අයෙකි. ඔහු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.