වැලිමඩ මිරහවත්ත ගම්මානයෙන් හමුවු කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයා සේවය කළ බණ්ඩාරවෙල නගරයේ හෝටයක කාර්ය මණ්ඩලය නිරෝධානයට
යොමුකර ඇති බව බණ්ඩාරවෙල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පැවසුවා.

පසුගිය 13 දින මෙම හෝටලයට පැමිණ දිනක් නැවතී සිටි බව කියන සංචාරක මග පෙන්වන්නෙකුගෙන් එම තරුණයාට කොරෝනා ආසාධනය වී ඇතැයි සැකකරන බවද ඔහු පැවසුවා.

දිසානායක මහතා කියා සිටියේ හෝටලයේ සේවය කළ 54 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී හා හෝටලයේදි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කරන බවයි.

එයට අමතරව බණ්ඩරවෙළ නගරයේ සියලුම ස්ථාන සම්පුර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කිරීමටද අද(20) දින කටයුතු කරන බව දිසානායක මහතා සඳහන් කළා.

නගරයට පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳ පැමිණෙන ලෙසද මහජන සෞඛ්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.